දුර්ලභ රයිනෝ සතුන් 6කට මරණය ගෙනා වසර හතකට පසු ආ දරුණුම ගංවතුර..

By Piyumika Jul 09, 2024 05:42 AM GMT
Report

ඊසාන දින ඉන්දියාවේ ජාතික වනෝද්‍යානයක ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දුර්ලභ ගණයේ රයිනෝසිරස් සතුන් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

රස්සාවක් ගන්න හිතාගෙන ඔබත් මෙවැනි දේවල් කලාද?..

රස්සාවක් ගන්න හිතාගෙන ඔබත් මෙවැනි දේවල් කලාද?..

ඇසෑම් ප්‍රාන්තයේ කසිරංග ජාතික වනෝද්‍යානයේ මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ගංවතුර හේතුවෙන් වනෝද්‍යානයේ සතුන් 130කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

වතුර වළකට වැටී මිය ගියායි කී බිළිදාගේ මරණය සැක සහිතයි..

වතුර වළකට වැටී මිය ගියායි කී බිළිදාගේ මරණය සැක සහිතයි..

2017 වර්ෂයෙන් පසු ඇසෑම් ප්‍රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බව වාර්තා වේ.

එම වසරේ ද අදාළ වනෝද්‍යානයේ සතුන් 350කට වැඩි සංඛ්‍යාවක් ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණි.