ජනාධිපතිවරණයක් තියෙන කාලෙම ලංකාව ගැන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කියපු ඇස් උඩ යන කතාව..

UNHCR United Human Rights Sri Lanka World
By Piyumika Sep 10, 2024 07:40 AM GMT
Piyumika

Piyumika

Report

සැබෑ වෙනසක් ඉල්ලමින් පැවැති ශ්‍රී ලංකාවේ අරගලයට වසර දෙකක් ගෙවී ඇතත් ශ්‍රී ලාංකිකයන් ඉල්ලූ සැබෑ වෙනස ලබාදීමට පාලකයන් අසමත්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිය අමතමින් ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ සිදුවීම අමතක වෙන්නත් කලින් බැලුම්මහර ප්‍රදේශයෙන් ඇහෙන කතාව..

ඉන්දියාවේ සිදුවීම අමතක වෙන්නත් කලින් බැලුම්මහර ප්‍රදේශයෙන් ඇහෙන කතාව..

වංචා හා දූෂණ අවසන් කිරීමටත් බලය අනිසි ලෙස භාවිත කිරීම නැවැත්වීමටත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගෙන එන ලෙස ඉල්ලමින් ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ විරෝධතාවලට වසර දෙකක කාලයක් ගතවී ඇති බවත් එහිදී සැබෑ වෙනසක් ලබාදෙන බව පාලකයන් පොරොන්දු වුවත් අදටත් එම ඉල්ලීම් බොහොමයක් ඉටුව නැතැයි වෝකර් ටර්ක් මහතා පැවැසුවේය.

අලුතින් ඉදි කරනු ලැබූ ගොඩනැගිල්ලක් අසල කැපුම් තුවාල සහිත මෘත දේහයක් ..

අලුතින් ඉදි කරනු ලැබූ ගොඩනැගිල්ලක් අසල කැපුම් තුවාල සහිත මෘත දේහයක් ..

එපමණක් නොව 2021 සිට 2023 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දුප්පත්කම දෙගුණවී ඇති බවත් ආහාර සහ සෞඛ්‍ය අතරින් එකක් තෝරා ගැනීමටත් අධ්‍යාපනය සහ බලශක්තිය අතරින් එකක් තෝරා ගැනීමටත් අසරණ වන පවුල් සංඛ්‍යාව දිනෙන් වැඩිවී ඇති බවත් මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

පාලනයෙන් මිදුන හමුදා රථය නිසා අයෙක්ට දිවි අහිමි කරමින් සිදුවුණු බිහිසුණු අනතුර ..(PHOTO)

පාලනයෙන් මිදුන හමුදා රථය නිසා අයෙක්ට දිවි අහිමි කරමින් සිදුවුණු බිහිසුණු අනතුර ..(PHOTO)

2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයද ලබා ඇත්තේ සීමා සහිත ප්‍රගතියක් බවත් එම ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ යැයි චෝදනා ලැබ සිටින පුද්ගලයන්ට දිගටම ඉහළ තනතුරු ලැබෙමින් තිබෙන බවත් ටර්ක් මහතා පැවැසුවේය.