ප්‍රබල භූකම්පනයක් - කිලෝමීටර 93ක් ගැඹුරින් පොළොව දෙදුරුම් කයි
චිලී රාජ්‍යයේ උතුරුදිග ඇන්ටොෆගස්ටා කලාපයට අද (27) රික්ටර් මාපක 5.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපීය-මධ්‍යධරණී භූමිකම්පා විද්‍යා මධ්‍යස්ථානය (EMSC) සඳහන් කරන්නේ මෙම භූ කම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 93ක් (හැතැප්ම 58ක්) පමණ ගැඹුරින් සිදුව ඇති බවයි. එහි කේන්ද්‍රය ඇන්ටොෆගස්ටා කලාපයේ කලමා නගරයට අග්නිදිගින් පිහිටා තිබේ.
භූ කම්පනයත් සමඟ එම ප්‍රදේශයේ ජනතාව අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වුවද, ඉන් සිදුවූ ජීවිත හානි හෝ දැවැන්ත දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
එමෙන්ම මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නොමැති අතර, අදාළ බලධාරීන් පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුර නිරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටියි.