කව්ද? මේ රට පුරා ඉන්න ලියාපදිංචිය නොලද වෛද්‍යවරුන්..

Sri Lanka Doctors Medicines
By Piyumika Jun 19, 2024 02:42 AM GMT
Piyumika

Piyumika

Report

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි කියා සිටියේ ලියාපදිංචිය නොලද ආයුර්වේද වෛද්‍යවරුන් 5,000 ක් පමණ සිටින බවයි.

දියණියන් දෙපලගේ දිවි බේරා දෙන්නැයි මාපියන්ගෙන් ආයාචනා(VIDEO)..

දියණියන් දෙපලගේ දිවි බේරා දෙන්නැයි මාපියන්ගෙන් ආයාචනා(VIDEO)..

ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරු 19,000 ක්ද, ලියාපදිංචි උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු 4,500 ක්ද, ඩිප්ලෝමාධාරී ආයුර්වේද වෛද්‍යවරු 3,000 ක ප්‍රමාණයක් සිටින බවද ඔහු පැවසීය .

ආයුර්වේද දෙපාර්තමේන්තුවට, ආයුර්වේද වෛද්‍ය සභාවට වසරකට ලියාපදිංචිය සඳහා අයැදුම්පත් 1,000 කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

පාරම්පරික වෛද්‍ය ක්‍රමය විධිමත් කිරීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත්, ආයුර්වේද දෙපාර්තමේන්තුවත් එක්ව පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු මෙමස 30 වැනිදා දක්වා සිදුකරන බවත්, මෙතෙක් ලියාපදිංචිය නොලද පාරම්පරික වෛද්‍යවරුන්ට සිය අයැදුම්පත් ඉදිරිපත් කර ලියාපදිංචිවීමේ හැකියාව පවතින බවද වැඩිදුරටත් සදහන් කර අමාත්‍යවරයා පැවසීය .

හදිසියේම උසස් පෙළ සිසුන් පිරිසකගේ ප්‍රතිඵල අත්හිටුවයි..හේතුව මෙන්න.

හදිසියේම උසස් පෙළ සිසුන් පිරිසකගේ ප්‍රතිඵල අත්හිටුවයි..හේතුව මෙන්න.

මෙහිදී වයස අවුරුදු 45 ට වැඩි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ට වාචික පරීක්ෂණයක්ද, අවුරුදු 45 ට අඩු පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ට වාචික සහ ලිඛිත පරීක්ෂණයක්ද පැවැත්වෙන බව ද ඇමැතිවරයා පවසා සිටියේය .