මත්ද්‍රව්‍ය බස් රියදුරන් 46 දෙනෙකු හඳුනාගැනේ
මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් සහ කොන්දොස්තරවරුන් 46 දෙනෙකු මේ වන විට හඳු නාගෙන ඇති බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනි කේ එස් එම් සමරසේකර මහත්මිය පවසනවා.
මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම රිය අනතුරුවලට ප්‍රධාන හේතුවක් බව හඳුනාගෙන තිබෙනවා.
එය වැළැක්විමේ අරමුණින් රියදුරන් පරීක්ෂා කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය එක්ව අද උදෑසන කොට්ටාව බස් නැවතුම්පොළේ දී රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.
එහිදි මත්ද්‍රව්‍ය රැගෙන සිටි බවට හඳුනාගත් අයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනා. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපති ගාමිණි ජාසිංහ මහතා පැවසුවේ මෙම පරීක්ෂා කිරීම් අහඹු ලෙස සිදු කරන බවයි.