බර අඩු කරන්න ගත් එන්නතක ප්‍රතිවිපරම්? කාන්තාවන් 40ක් ගැබ් ගනියි!

Report

බර අඩු කර ගැනීමට එන්නත් ලබා ගන්නා කාන්තාවන්ට බ්‍රිතාන්‍යයේ ඖෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන ඒජන්සිය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

මෙම ඖෂධ භාවිතය අතරතුර අනපේක්ෂිත ගැබ් ගැනීම්වලට අදාළ සිදුවීම් 40ක් ආයතනයට වාර්තා වීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

මියගිය කිරි කැටියා පෞද්ගලික රෝහලකදී යළි උපදී

මියගිය කිරි කැටියා පෞද්ගලික රෝහලකදී යළි උපදී

සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ප්‍රජනන වෛද්‍ය උපදේශිකා යිං චියොං පැවසුවේ, මෙම ඖෂධ හේතුවෙන් ඇති වන උදර ආබාධ නිසා සමහර කාන්තාවන් ලබා ගන්නා උපත් පාලන ඖෂධවල බලපෑම අඩු විය හැකි බවයි.

එම නිසා, එය අනපේක්ෂිත ගැබ් ගැනීමකට හේතු විය හැකි බව ඇය සඳහන් කළාය.

බ්‍රිතාන්‍ය ඒජන්සියේ නිවේදනයේ දැක්වෙන්නේ, Ozempic, Wegovy, සහ Mounjaro වැනි ජනප්‍රිය බර අඩු කරන එන්නත් භාවිතා කරන කාන්තාවන් උපත් පාලනය සඳහා ඖෂධ ගැනීම වෙනුවට වෙනත් ක්‍රම භාවිතා කළ යුතු බවයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

බර අඩු කරන එන්නත් භාවිතයෙන් ගැබ් ගැනීමක් සිදු වුවහොත්, වහාම එන්නත් ගැනීම නවතා වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔවුහු ජනතාව දැනුවත් කර ඇත.

මෙම එන්නත් ගර්භනීභාවය සඳහා ආරක්ෂිත දැයි තහවුරු කර නැති නිසා, ඒවා වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කළ යුතු බව වෛද්‍යවරු ප්‍රකාශ කරති. 

කොවිඩ් බරපතළයි...ඉක්මනින් එන්ත්කරණය පටන් ගන්න...ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ නිවේදනයක්

කොවිඩ් බරපතළයි...ඉක්මනින් එන්ත්කරණය පටන් ගන්න...ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ නිවේදනයක්