පාසලට ගිය දරුවෝ ලෙඩ වෙලා - 40ක් රෝහලේ
අද (30) උදෑසන මැදිරිගිරිය මණ්ඩලගිරිය ජාතික පාසලේ සිසු දරු දැරියන් 40කට අධික පිරිසක් ශ්රමදානයක් අතරතුර හදිසියේ රෝගීවීම නිසා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම තත්ත්වයට හේතුව වී ඇත්තේ අද උදෑසන පාසලේ පන්ති කාමර අවට පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වී සිටියදී මෙම දරු දැරියන් කැසීමේ රෝග ලක්ෂණ ඉස්මතු කර ඇත.
පසුව ඔවුන්ගේ කිහිපදෙනෙකුට මෙම රෝග ලක්ෂණ කැපී පෙනීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
සිද්ධියෙන් දරුවන් පස් දෙනෙකු නේවාසිකව ප්රතිකාර ලබන අතරින් අනෙක් දරුවන් ප්රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇත.
පසුව සිද්ධිය සම්බන්ධව මේ වන විටත් පාසලේ විදුහල්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තොරතුරු වාර්තා වේ.