මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
නව පළාත් පාලන ආයතන වල නිල කාලය ජුනි 2 වනදා ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා.
පළාත් පාලන ආයතන රැස්වීමට පෙර කොට්ඨාස මට්ටමින් තේරී පත් වූ පළාත් පාලන ආයතන සභිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කල යුතු බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
පළාත් පාලන ආයතන වල බහුතරය හිමිකර ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් වලට තම ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපතිවරුන් සතියක් තුල දන්වා එවන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා..