පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක්
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධරයන් වෙනුවෙන් නිවාස ඒකක ලබා දීමේ අරමුණ ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ 13, සිරිල් සී පෙරේරා මාවතේ නිවාස ඒකක 452කින් යුතු මහල් 14කින් සමන්විත 'Harbour View Residencies' නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව එකී නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මිල දී ගැනීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.
ඒ බස්නාහිර පළාතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි පොලිස් කොට්ඨාසයන්හි සේවයේ නියුතු නිලධරයන් හට නිල නිවාස ප්‍රමාණවත් පරිදි ලබා දී ඔවුන්ගෙන් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා ගැනීමේ අරමුණින්.
එමෙන්ම එම නිවාස සඳහා ප්‍රමාණවක් වාහන නැවතුම් පහසුකම් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරවා ගැනීමටත් මෙම යෝජනාව මඟින් ඉදිරිපත් කර ඇති බව සඳහන්.