පාසල් සිසුන් 33ක් රෝහලේ - මෙන්න හේතුව
කිලිනොච්චියේ බඹර ප්‍රහාරයකට ලක්ව සිසුන් 33 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
මේ ආකාරයෙන් අනතුරට ලක්ව ඇත්තේ කිලිනොච්චි මහා විද්‍යාලයේ සිසුන් පිරිසකි.
මෙම සිදුවීම අද (05) උදෑසන සිදුවූ අතර මේ වනවිට සිසුන් රෝහලට ඇතුළත් කර ඇති බව තොරතුරු වාර්තා වේ.
මෑත කාලයේ දී කිලිනොච්චිය ඇතුළු දෙමළ ප්‍රදේශවල සිසුන් බඹර ප්‍රහාරයට ලක්වීමේ සිදුවීම් වැඩි වී ඇති බව තොරතුරු වාර්තා වේ.