ලංකාවේ මේ අයගෙන් 30% ක් නිරපරාදේ මැරෙනවා - වෛද්‍යවරුන්ගෙන් භයානක හෙළිදරව්වක්

Report

ප්‍රධාන පිළිකා රෝග රැසකට ප්‍රතිකාර ලබාදීමට යොදාගන්නා චිකිත්සක විකිරණ යන්ත්‍ර නොමැති වීමෙන් ගැබ්ගෙල, එන්ඩොමෙට්‍රියල්, පුරස්ථි ග්‍රන්ථය, ගුදය, ගුද මාර්ගය, පියයුරු, හිස, බෙල්ල සහ සමේ පිළිකා රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ද මේ හිඟය සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. එනිසා ජීවත් කරවිය හැකි පිළිකා රෝගීන්ගෙන් සියයට තිහක් (30%) පමණ නිරපරාදේ මියයන බවද ඔවුන් පවසයි.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරු එහිදී පැවසුවේ වත්මන් රජය බලයට පත්වූ පසුව 2024 වසරේදී අදාළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත් එම යන්ත්‍ර කිහිපයක් ඉදිරි කාලයේදී ලැබෙනු ඇති බවත් ය.

ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ භයානක තත්ත්වයක් ගැන දැනුම්දෙයි - රෝගීන් 2,420ක්

ලංකාවට මොකක්ද මේ වෙන්න යන්නේ භයානක තත්ත්වයක් ගැන දැනුම්දෙයි - රෝගීන් 2,420ක්

ඊට අමතරව මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ භාණ්ඩාගාරය සහ ආසියානු සංවර්ධන බැංකුව මඟින් යෝජනා කොට අනුමැතිය ලැබී තිබෙන අදාළ යන්ත්‍ර මිලදී ගැනීම නිලධාරීන්ගේ හා ඇතැම් කල්ලිවල කඹ ඇදීම නිසා දිගින් දිගටම පමාවන බවයි.

එසේම ඔහු පෙන්වා දෙන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සිටි කාලයේ සිටම මෙම යන්ත්‍ර මිලදී ගැනීමට උත්සාහ කළ බවත් එහෙත් මේ දක්වාම ඒවා මිලදී ගැනීමට අපොහොසත්ව ඇති බවත් ය.

තවද මෙම යන්ත්‍ර මිලදී ගැනීමට ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥයන්ගේ විද්‍යාලය (SLCO) විධිමත් ක්‍රමයට අනුමැතිය පළ කර ඇති බව ද ඔහු පැවසුවා.

ගෙදර තියන සබන් කෑල්ල ගැන මේ ටික දැනගන හිටියද?

ගෙදර තියන සබන් කෑල්ල ගැන මේ ටික දැනගන හිටියද?

මේ අතර තොරතුරු ලැබී ඇත්තේ ගැබ්ගෙල පිළිකා, පුරස්ථි ග්‍රන්ථ පිළිකා සහ තෝරාගත් පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට විකිරණ චිකිත්සාවේදී භාවිත කළ උපකරණ මිලදී ගැනීමේ කටයුතු එක්තරා නිලධාරීන් පිරිසක් විසින් වළක්වන බවටයි.

එමෙන්ම පළාත් පිළිකා රෝහල්වල ප්‍රතිකාර කටයුතු විධිමත් කිරීමට රේඛීය ත්වරණකාරක, නවීන රූපකරණය සහිත බැවිතෙරපි ඒකක, පරිගණකගත ටෙමොග්‍රැෆි කිමියුලේටර් සහ මාත්‍රාමිතික කට්ටල මිලදී ගැනීම දිගින් දිගට පමාවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අවධානය වහා යොමුවිය යුතු බවද වෛද්‍ය චමල් සංජීව එම අවස්ථාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි