දුම්රිය - කැබ් රථ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල
By Shehan
පයාගල ප්‍රදේශයේ දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයකදී අද (22) වෙරළබඩ දුම්රියක් කැබ් රථයක ගැටීමකට ලක්ව තිබේ.
මෙම අනතුර හේතුවෙන් කැබ් රථයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාරගයේ ප්‍රමාදයක් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.