දහඅට හැවිරිදි තරුණයෙක්ට හා පොලිස් නිලධාරියෙකුටත් දිවි අහිමි කල මාරක රිය අනතුරු 3ක් ..

By Piyumika Sep 30, 2024 03:57 AM GMT
Report

ප්‍රදේශ තුනකදී සිදු වූ යතුරුපැදි අනතුරුවලින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

මාංශ භක්ෂක මත්ස්‍යයෙක්ගෙන් ධීවරයින්ට කරදර ..

මාංශ භක්ෂක මත්ස්‍යයෙක්ගෙන් ධීවරයින්ට කරදර ..

පොලීසිය සඳහන් කළේ මෙම මාරක අනතුරු මහදෙණිය, පලාලි සහ ඉබ්බාගමුව යන ප්‍රදේශ වලදී සිදුවූ බවය.

ඊයේ (29) පෙරවරුවේ මීගොඩ කොළඹ පාදුක්ක 125 මාර්ගයේ මහදෙණිය ප්‍රදේශයේ දී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක් එක්වරම මාර්ගයට ගැනීමේ දී පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටී සිදු වූ අනතුරින් එක් යතුරුපැදියක් මාර්ගය අසල තිබූ ඇලකට වැටී ඇත.

අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනාම බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටිය දී එක් පැදිකරුවෙකු මියගොස් තිබේ.මියගොස් ඇත්තේ 30 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සහෝදරයා ගැන කියපු දේට අජිත්ට යකා වැහේ ..(VIDEO)

සහෝදරයා ගැන කියපු දේට අජිත්ට යකා වැහේ ..(VIDEO)

එමෙන්ම, ඊයේ උදෑසන පලාලි පේදුරුතුඩුව කන්කසන්තුරය මාර්ගයේ 36 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී පේදුරුතුඩුව දෙස සිට කන්කසන්තුරය දෙසට ධාවනය වූ යතුරුපැදියක්, පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් පැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා තෙලිප්පලේ රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටිය දී පැදිකරු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 18 හැවිරිදි පලාලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගමන් මලු පරික්ෂාවේදී ඇතුලේ සගවන් ආපු දේ දැකලා පරීක්ෂක වරුන්ගේ ඇස් උඩ යයි..

ගමන් මලු පරික්ෂාවේදී ඇතුලේ සගවන් ආපු දේ දැකලා පරීක්ෂක වරුන්ගේ ඇස් උඩ යයි..

එමෙන්ම කුඹුක්ගැටේ ඉබ්බාගමුව මඩගල්ල මාර්ගයේ 05 වන කිලෝමීටර් කණුව අසල දී ඉබ්බාගමුව දෙස සිට මඩගල්ල දෙසට ධාවනය වූ ලංගම බස්රථයක් එම දිශාවටම ඊට ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමේදී එම යතුරුපැදියේ ගැටී තිබේ.

අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් ඇත. මියගොස් ඇත්තේ 38 හැවිරිදි ඉහළගම, කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි දොරටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකි.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුඹුක්ගැටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.