රටේ සෞඛ්‍ය සේවයට නව ශක්තියක් - 1408 වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනේ
2024 ඔක්තෝබර් 29 වැනිදාට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 408 දෙනෙකු සඳහා, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස පත්වීම් ලබාදීමට අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයට අනුව, ඉහත තනතුර සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතිය (HRMIS) වෙත පිවිස අයදුම් කළ යුතු බව සඳහන් වේ.
අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය 2025 අගෝස්තු 25 වන බැවින්, සියලුම අයදුම්කරුවන් එම දිනට පෙර මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.