2026 IPL කිරුළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම

Report

ලොව වඩාත්ම ජනප්‍රිය හා ධනවත්ම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන ඉන්දියන් ප්‍රීමියර් ලීග් (IPL) 2026 තරගාවලිය අද තියුණු අවසන් මහා තරගයකින් අනතුරුව නිමාවට පත් වූ අතර, ශූරතාව හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

2026 IPL කිරුළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම | 2026 Ipl Crown Royal Challengers Bangalore Team

ඒ අනුව ඉනිම ඇරඹූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 26ක් තුළ බිඳ දැමීමට බැංගලෝර් පන්දු යවන්නෝ සමත් වූහ.

කෙසේ වෙතත්, මැද පෙළ පිතිකරු වොෂින්ටන් සුන්දර් පන්දු 37කින් නොදැවී අර්ධ ශතකයක් වාර්තා කරමින් කණ්ඩායමට සටන්කාමී ඉනිමක් ගොඩනැගීය. නියමිත පන්දුවාර 20 අවසානයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර, නිෂාන් සින්දු ලකුණු 20ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී රාසික් සලාම් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙනුණි.

ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රබල පිතිහරඹයක නිරත වෙමින් පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 161ක් ලබා ගත්තේය.

ඒ අනුව කඩුලු 5ක ජයක් වාර්තා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම 2026 IPL ශූරතාව තමන් සතු කර ගනිමින් ඉතිහාසගත ජයග්‍රහණයක් වාර්තා කළේය.

මීගොඩ දන්සල් පෝලිමක් ලේ විලක් කරයි - කැබ් රථයකට යටවී 6ක් ජීවිතක්ෂයට

මීගොඩ දන්සල් පෝලිමක් ලේ විලක් කරයි - කැබ් රථයකට යටවී 6ක් ජීවිතක්ෂයට