2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා
2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දිනයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම – 2025 සඳහා දකුණු පළාතේ දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/10/04 හා 2025/10/05 දිනවල ගාල්ල, මාතර හා හම්බන්තොට හෙද විදුහල් වල දී පැවැත්වීමට නියමිතව ඇත.
සිසු හෙද පුහුණුවවට බඳවා ගැනීම – 2025 සඳහා ඌව පළාතේ සියලුම දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/10/04 හා 2025/10/05 දිනවල බදුල්ල හෙද විදුහලේ දී පැවැත්වෙයි.
මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදු කළ පුද්ගලයින් පමණක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.