උසස් පෙළ විභාග ප්‍රතිපල වැරදුණාද? නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරයි
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (05) දින අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඒ අනුව, අදාළ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිසීමෙන් පරීක්ෂා කළ හැකි බවයි.
එහිදී නිල වෙබ් අඩවි ලෙස, www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවි භාවිත කළ හැකියි. ඒ සඳහා සිසුන්ට තමන්ගේ විභාග අංකය (Index Number) හෝ ජාතික හැඳුනුම්පත් අංකය (NIC Number) ඇතුළත් කළ යුතුයි.
මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් හෝ ගැටලුවක් පවතින්නේ නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා තොරතුරු ලබාගත හැකි අතර, ඒ සඳහා පහත දුරකථන අංක භාවිත කළ හැකියි.
ක්ෂණික ඇමතුම් අංකය: 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව: 0112784208 / 0112784537 / 0112785922
ෆැක්ස් අංකය: 0112784422