අද 9.30ට වෙන්නෙ මොකක්ද?. ආන්දෝලනාත්මක.. Channel 4 නාලිකාවේ වීඩියෝව.. ගැන මෙරටින් කරන්න යන දෙය මෙන්න..

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව විදෙස් රූපවාහිනී නාලිකාවක විකාශය වූ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ය.

බාහිර සංවිධානයක් විසින් එම වීඩියෝව පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලක්, පොලිස් මූලස්ථානය වෙත යොමු කිරීමෙන් පසු එහි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත.

මොකද වෙන්නෙ කියලා.. දැන් රටම බලන් නෙ ඉන්නෙ.. එන වසරේ මාලිමාවෙන් සහන දෙන හැටි මෙන්න..

මොකද වෙන්නෙ කියලා.. දැන් රටම බලන් නෙ ඉන්නෙ.. එන වසරේ මාලිමාවෙන් සහන දෙන හැටි මෙන්න..

බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වූ Channel 4 නාලිකාව විසින් ශ්‍රී ලාංකිකයෙකු වූ මොහොමඩ් මිහිලාල් මොහොමඩ් හෆ්සීර් නොහොත් අසාද් මවුලානා යන අය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

මෙම සම්මුඛ සාකච්ඡාව පසුගිය 2023 වසරේ සැප්තැම්බර් 06 වන දින හෝ ඊට ආසන්න දිනකදී එම නාලිකාව මඟින් විකාශය කර තිබුණි.

ඒ අනුව එම වීඩියෝවේ අඩංගු පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු සහ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් කුමන්ත්‍රණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)

දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)

මෙම විමර්ශනයට අදාළව ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලදී.

මේ අතර ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනයට අදාළව ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවය.

ඒ අනුව අද (12) උදෑසන 9.30ට ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.