දුර්ලභ අවස්ථාවක්... සිකුරු, සෙනසුරු සහ සඳු එක පෙළට !!! මෙන්න දිනය

Report

අප්‍රේල් 25 වැනිදා අලුයම නැඟෙනහිර අහසේ දුර්ලභ ත්‍රිත්ව සංයෝගයක් දැක ගත හැකි වේ. සිකුරු, සෙනසුරු සහ කුඩා සඳ එකට පෙළ ගැසී අහසේ සිනහ මුසු මුහුණක හැඩය මවනු ඇත.

නාසා ආයතනයට අනුව, මෙම විශ්මයජනක දර්ශනය හිරු උදා වීමට ටික වේලාවකට පෙර නැඟෙනහිර ක්ෂිතිජය අසලින් මනස්කාන්ත දසුනක් වනු ඇත.

තාරකා විද්‍යාත්මක ව ගත් කල, ග්‍රහලෝක හෝ වෙනත් ආකාශ වස්තූන් අහසේ එකිනෙකට සමීප ව පෙනෙන විට එය සංයෝගයක් ලෙස හැඳින්වේ.

මුල­තිව් ගෙවල් හදාකප් ගහයි

මුල­තිව් ගෙවල් හදාකප් ගහයි

මෙහි දී සිකුරු ග්‍රහයා දීප්තිමත් ව ඉහළින් ද, සෙනසුරු ඊට පහළින් ද, කුඩා සඳ ඊට මඳක් උතුරට හා පහළින් ද පිහිටයි.

මෙම තිදෙනා එක් ව සිනාසෙන මුහුණක හැඩය අහසේ මවනු ඇත. නාසා නියෝජිත බ්‍රෙන්ඩා කල්බර්ට්සන් පවසන පරිදි, "සිහින්, කුඩා සඳ සිනහවක් මෙන් දිස් වෙනවා.

දීප්තිමත් වස්තූන්ගේ ත්‍රිකෝණය සමහර අයට සිනහ මුසු මුහුණක් ලෙස පෙනෙන්නට පුළුවනි." මෙම අපූරු දසුන නැරඹීම සඳහා අප්‍රේල් 25 වැනිදා අලුයම 5:30ට පමණ නැඟෙනහිර ක්ෂිතිජය දෙස බලන්න.

එන පොට හොඳ නැහැ... ඉක්මනින් තීරණයක් ගන්න - මහ බැංකුව

එන පොට හොඳ නැහැ... ඉක්මනින් තීරණයක් ගන්න - මහ බැංකුව

පැහැදිලි අහසක් සහිත ව අවම ආලෝක දූෂණයක් ඇති ස්ථානයකින් නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසු ය. පියවි ඇසින් වුව ද මෙම ග්‍රහලෝක සහ සඳ පැහැදිලිව දැක ගත හැකි අතර, දුරදක්නයක් හෝ දුරේක්ෂයක් භාවිතයෙන් වඩාත් විස්තරාත්මක ව නැරඹිය හැකිය.

වාසනාවන්ත නම්, මෙම සිනහවට පහළින් බුධ ග්‍රහයාගේ බොඳ වූ දර්ශනයක් ද ඔබට දැක ගැනීමට හැකි වනු ඇත. මෙම විශ්වීය දසුන අපට විශ්වයේ සුන්දරත්වය සහ එහි අපට හිමි ස්ථානය සිහිපත් කර දෙයි.