මුල­තිව් ගෙවල් හදාකප් ගහයි

Mullaitivu Government Of Sri Lanka Sinhala news
By Mithu Apr 22, 2025 01:02 AM GMT
Mithu

Mithu

Report

 පසු­ගිය වසරේ පව­ත්වන ලද ජන හා නිවාස සංග­ණ­න­යේදී 2012 සංග­ණ­න­යට සාපේ­ක්ෂව මුල­තිව් දිස්ත්‍රි­ක්කයේ නිවාස ප්‍රති­ශ­තය 100.3%කින් ඉහළ ගොස් තිබේ. 2012 වසරේ සංග­ණ­න­යේදී එම දිස්ත්‍රි­ක්කයේ නිවාස හිමි­යන්ගේ සංඛ්‍යාව 19,839ක් වූ අතර, එය 2024 වසරේ 39,728ක් දක්වා දෙගු­ණ­ය­ක­ටත් වඩා වැඩි වී තිබේ.

දෙවැනි ස්ථාන­යට පත්ව ඇත්තේ මන්නා­රම දිස්ත්‍රි­ක්ක­යයි. 2012 වස­රේදී මන්නා­රම දිස්ත්‍රි­ක්කයේ නිවාස 26,428ක් තිබුණු අතර, ඒ නිවාස 47.6%කින් මෙවර වැඩි වී නිවාස සංඛ්‍යාව 38,999ක් දක්වා ඉහළ ගොස් ඇත. කිළි­නො­ච්චි­යට තෙවන ස්ථානය හිමිව ඇති අතර 42.8%කින් වැඩි වූ එම සංඛ්‍යාව නිවාස 42,200ක් දක්වා වැඩි වී ඇත.

පෝලිම් පිටින් දළදා වන්දවන්න මම නෝනාවත් අරන් යන්නෑ - ලාල් කාන්ත

පෝලිම් පිටින් දළදා වන්දවන්න මම නෝනාවත් අරන් යන්නෑ - ලාල් කාන්ත

එය 2012 වසරේ 29,549ක් ලෙස දැක්විණි. සිවු­වැනි ස්ථාන­යට පත් මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ නිවාස වැඩි වීමේ වේගය 25%කි. 2012 වසරේ 134,057ක් වූ නිවාස සංඛ්‍යාව 167,510 දක්වා වැඩි වී ඇත. නිවාස වර්ධ­න ප්‍රති­ශ­තය අඩුම දිස්ත්‍රි­ක්කය ලෙස වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රි­ක්කය වන අතර, ඒ ප්‍රති­ශ­තය 9.8%කි. එහි පෙර සංග­ණ­න­යේදී 308,298ක් වූ නිවාස සංඛ්‍යාව මේ වන විට 338,594ක් දක්වා වැඩි වී ඇත.

කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ නිවාස වැඩි වීමේ ප්‍රති­ශ­තය 10.5%ක් වන අතර, පෙර 240,611ක් වූ එහි නිවාස සංඛ්‍යාව මේ වන විට 265,793ක් දක්වා වැඩි වී තිබේ.

එන පොට හොඳ නැහැ... ඉක්මනින් තීරණයක් ගන්න - මහ බැංකුව

එන පොට හොඳ නැහැ... ඉක්මනින් තීරණයක් ගන්න - මහ බැංකුව

ReeCha