20යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන මෙන්න...

Report

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඉල්ලා අස් වේ...

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඉල්ලා අස් වේ...

ඒ අනුව, ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වේ. මෙහි මූලික වටයේ තරග A හා B ලෙස කාණ්ඩ දෙකකින් සමන්විත වන බව සඳහන් වේ.

A කාණ්ඩය යටතේ තරග වඳිනුයේ, වත්මන් ශූරයන් වනශ්‍රී ලංකාව ,ඔස්ට්‍රේලියාව මෙන්ම ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්ථානයයි.

ආදිවාසී ජනයාට නව නීති සංග්‍රහයක්...

ආදිවාසී ජනයාට නව නීති සංග්‍රහයක්...

B කාණ්ඩයෙන් තරග වදින්නේ, වත්මන් අනුශූරයන්වන දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තයයි. තරගාවලිය ඔක්තෝබර් මස 3 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වේ.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය මෙම තරගාවලියට සෘජුව සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ කණ්ඩායම් දෙකයි.

ඔවුන් මෙම වසර ආරම්භයේදී අබුඩාබිහිදී පැවති මෙම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගනිමින් එම අවස්ථාව උදාකරගෙන සිටින අතර එහි ශූරතාව දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

වී ගොවීන්ගේ පොහොර සහනාධාරය ඉහළට...

වී ගොවීන්ගේ පොහොර සහනාධාරය ඉහළට...

කාන්තා විස්සයි 20 ලෝක කුසලානයේ 9 වන අදියර ලෙසින් මෙය බංග්ලාදේශයේ පැවැත්වීමට සැලසුම්කර තිබුණි.

නමුත් පසුගිය කාලවකවානුව තුළ එරට හටගත් දේශපාලන අරාජිකත්වය හේතුවෙන් එහි සත්කාකරකත්වය බංග්ලාදේශයෙන් ඉවත්කර එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගනෙ යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේ ය.