20T ලෝක කුසලානයේ සුපිරි වටයේ පළමු තරඟයට ඊයෙ රෑ වුන දේ මෙන්න..එංගලන්ත තරඟයත් ඇරඹේ..

Cricket South Africa National Cricket Team International Cricket Council 2024 T20 World Cup Cricket Tournament
By Aruna Jun 20, 2024 12:32 AM GMT
Aruna

Aruna

Report

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැත්වෙන 42 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ බටහිර ඉන්දීය කොදෙව් - එංගලන්ත තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා.

එම තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..


ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වන එම තරගය Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර, T20 ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටයේ පළමු තරගයෙන් ජය ලබා ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ රාත්‍රී සමත් වුණා.

දකුණු අප්‍රිකාව සහ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම් අතර ඊයේ (19) පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකානු කණ්ඩායම පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 194ක් රැස් කිරීමට සමත් විය.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අමෙරිකා කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ 176 ක් පමණයි.

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 18ක ජයක් හිමි වුණා.

ලෝක කුසලානයේ සුපිරි කාණ්ඩායම් 08 මෙන්න..පළමු තරගය අද ඇරඹේ..

ලෝක කුසලානයේ සුපිරි කාණ්ඩායම් 08 මෙන්න..පළමු තරගය අද ඇරඹේ..


එහිදී Andries Gous නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර Harmeet Singh ලකුණු 38ක්ද, Steven Taylor ලකුණු 24ක්ද ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී Kagiso Rabada කඩුළු 3ක් දවා ගත් අතර Keshav Maharaj, Anrich Nortje හා Tabraiz Shamsi එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.