සෞඛ්‍ය ක්ෂේත්‍රයට නම් සුබයි වගේ, 154 දෙනෙකුට පත්වීම් ප්‍රදානය අද
වෘත්තීය කාණ්ඩ කිහිපයකට අදාළව පත්වීම්ලාභීන් 154 දෙනෙක් සඳහා පත්වීම් ප්‍රදානෝත්සවය අද (10) දින සිදු කිරීමට නියමිතව ඇත.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි.
අද (10) පෙරවරු 11.00 ට කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී මෙම පත්වීම් ප්‍රධානය සිදු කරන බව වාර්තා වේ.
විකිරණ ශිල්පී උපාධිය හදාරන ලද හා ශ්‍රවණවේදී කාර්මික ශිල්පීය උපාධිය හදාරන ලද, සය මාසික අනුස්ථාපන සහ සමායෝජන පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද විකිරණ ශිල්පීන් ලෙස 69 දෙනෙකුට සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් ලෙස 10 දෙනෙකුට මෙහිදී නව පත්වීම් ප්‍රදානය කරනු ලබයි.
පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර උණුසුම් ගැටුමකින් එක් සිසුවෙක් ජීවිතක්ෂයට - 5 දෙනෙක් අත්අඩංගුවට
තවද ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL-2) සේවා ගණයේ සෞඛ්‍ය රසායනාගාර සහායක හා කීටවිද්‍යා ක්ෂේත්‍රයේ උපස්ථායක තනතුරු සඳහා සීමිත පදනම මත බඳවා ගන්නා නිලධාරීන් ලෙස කීටවිද්‍යා සහායකයින් 04 දෙනෙකුට සහ රසායනාගාර සහායකයින් 71 දෙනෙකුට ද නව තනතුරට අදාළව පත්වීම් ලිපි ප්‍රදානය මෙහිදී සිදු කිරීමට නියමිතව තිබේ