ජීවනී, ඉන්සියුලීන් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 15ක් කොහෙවත් නෑ

Hospitals in Sri Lanka National Health Service Medicines Sinhala news Breaking News
By Kaushi Jun 20, 2025 08:44 AM GMT
Kaushi

Kaushi

Report

දිවයිනේ පෞද්ගලික ඔසුසල්වල අත්‍යවශ්‍ය ඖෂධ 15කට ආසන්න ප්‍රමාණයක හිඟයක් මතුවී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිදත් සුරංග මහතා සඳහන් කළේ, මෙම ඖෂධ හිඟය රෝගීන්ගේ ජීවිතයට දැඩි අවදානමක් සිදුකරන බවයි.

හිඟයට ලක්ව ඇති ඖෂධ අතර ජීවිතාධාරක බෙහෙත්වලට ඇතුළත් වන ජීවනී, ඉන්සියුලීන් වැනි බහුලව භාවිතා වන ඖෂධ වර්ගයන්ද ඇතුළත් වන බව පවසයි.

එසේම පිළිකා රෝගීන් සහ කුඩා දරුවන් සඳහා භාවිතා කරන ඖෂධ වර්ග කිහිපයක් ද මෙම හිඟයට අයත් වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.\

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

මෙසේ ඖෂධ හිඟයක් ඇති වීමට ඖෂධ නියමිත වේලාවට ඇණවුම් නොකිරීම ඇතුළු විවිධ හේතු බලපා ඇති බව ද වාර්තා වේ.

කෙසේ වුවද මෙම තත්ත්වයට පිළියමක් ලෙස, සංගමය සිය සාමාජික ඔසුසල් හිමියන් සමඟ එක්ව බෙහෙත් ලබා ගත හැකි ස්ථාන පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව සුරංග මහතා ප්‍රකාශ කරයි.    

මිලේච්ඡ සමූහ ඝාතන රැසකට පස්සෙ කමෙනිගෙ අවසානය තීන්දු වෙයි

මිලේච්ඡ සමූහ ඝාතන රැසකට පස්සෙ කමෙනිගෙ අවසානය තීන්දු වෙයි

ReeCha