මහ වැස්සෙන් රටට වෙලා තියන නොසිතූ විනාශය මෙන්න

Report

 මේ වනවිට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 141ක් අර්ධ හානියට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර තිබේ .

එම මධ්‍යස්ථානය පැවසුවේ පසුගිය 10 වැනි දින සිට අද (16) දින දක්වා වූ කාලය තුළ මෙම අර්ධ හානි නිවාස ප්‍රමාණය වාර්තා වී තිබෙන බවයි.

 එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ එක් නිවාසයක් පූර්ණ හානියට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ .

ඒ වගේම අර්ධ හානි වූ නිවාස අතරට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 78කි.

තවද මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස 25ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 12ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 6ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 5ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාස 4, යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 4ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 3, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 2ක් මෙලෙස අර්ධ හානියට ලක්ව තිබෙන බව වාර්තා වේ.

ගම්පහ, කටාන, වත්තල ඇතුළු මේ ප්‍රදේශවල අයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ගම්පහ, කටාන, වත්තල ඇතුළු මේ ප්‍රදේශවල අයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

රටතුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 4,099ක් බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ .

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 48කට අයත් පවුල් 1,263ක පුද්ගලයින් 4,099ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

වනවාසල කැළඹූ දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල - රෝහල් ගත කරයි

වනවාසල කැළඹූ දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල - රෝහල් ගත කරයි