තවත් අඛණ්ඩ වර්ජනයක් අදට දින14යි - විසඳුමක් නෑ

Report

රජරට විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ඉවත් කොට ස්ථීර උපකුලපතිවරයකු පත්කරන ලෙස ඉල්ලා ආරම්භ කළ වැඩවර්ජනයට දින 14 ක් ගත වුවද උපකුලපතිවරයකු පත් කිරීමට රජය මෙතෙක් පියවරක් ගෙන නැතැ.

එලෙස රජරට විශ්වවිද්‍යාලීය ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීකියනගේ මහතා පවසයි.

රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු, පර්යේෂණ කටයුතු, පුහුණුවීම් කටයුතු , විභාග කටයුතු සියල්ලම ඇන හිටිමේ හේතුවෙන් සිසුන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

පසුගිය 04 වෙනිදා අධ්‍යාපන ඇමතිවරියත් සමග ඉසුරුපායේ පැවති සාකච්ඡාවේදී මෙය ඉතා ඉක්මනින් විසඳන බවට අධ්‍යාපන ඇමතිවරිය පොරොන්දුවක් දුන්නද මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලැබී නොමැති බව ද මහාචාර්ය නාලක ගීකියනගේ මහතා පැවසිය.

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට