රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්
Train Crash
Sinhala news
By Mithu
පසුගිය කාලය දුම්රිය හරස් මාර්ගවල නඩත්තු කිරීම් කටයුතුවල සිදු වූ ප්‍රමාද දෝෂයන්හි සහ විවිධ අනතුර සිදුවූ අතර එම අනතුරු වළක්වා ගත් මොහොතවලුත් අපිට දකින්න ලැබුණා.
දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ ආරක්ෂිත ක්‍රමවේද සහිත දුම්රිය හරස් මාර්ගවල බවට කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා කැඳවූ අවස්ථාවේ දී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය.
එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන්ගෙන් විමසීමක් කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක් පමණ මෙරට පවතින බවය.
