කොළඹටත් පැය 12ක ජල කප්පාදුවක්
By Hashini
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 25වනදා (ඉරිදා) පෙ.ව. 8 සිට ප.ව. 8 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.
මේ හේතුවෙන් කොළඹ නගරය ඇතුළව තදාසන්න ප්‍රදේශ රැසක ජනතාවට සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ඉල්ලා සිටියි.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ,
කොළඹ 1 සිට15 දක්වා,
කෝට්ටේ,
කඩුවෙල,
බත්තරමුල්ල,
කොලොන්නාව,
කොටිකාවත්ත,
මුල්ලේරියාව,
IDH,
මහරගම,
දෙහිවල,
ගල්කිස්ස,
රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා.