තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ [PHOTOS] [VIDEO]

Report

වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.පොලිසිය පවසන්නේ ඊයේ (19) රාත්‍රී අදාළ පුද්ගලයාගේ දෙමහල් නිවස තුළ දී එම ඝාතනය සිදුකර ඇති බවයි.

පොලිසිය සඳහන් කළේ මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ත්‍රිරෝද රථයකින් අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණ තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි.

ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද නිවසේ සිට තිබෙනවා.

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙකු වන අතර ඔහු මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නිවසක් කුලී පදනම යටතේ ලබාගෙන බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ජීවත්ව සිට ඇති බව සඳහන්ය.

පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා 2023 වර්ෂයේ මහබාගේ ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවටයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකු අත්අඬංගුවට ගෙන නොමැති අතර වත්තල පොලිස් ස්ථානය මඟින්‍ හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කොට ඇත. 

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ   | A Person Was Attacked And Killed