වසර 10 කට පසු 'හෝ ගානා පොකුණ' යළිත් රිදී තිරයට
ජාත්‍යන්තර සම්මාන රැසක් දිනූ, එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ට ළමා චිත්‍රපටයක් ලෙස සැලකෙන “හෝ ගානා පොකුණ” / "The Singing Pond" එළඹෙන ඔක්තෝම්බර් 01 වෙනිදා සිට සීමිත දින ගණනක් සදහා දිවයින පුරා පිහිටි 'ලයිට්' සිනමා ශාලා (Lite Cinemas) වලදී නැවත වරක් තිරගත වීමට නියමිතයි.
“හෝ ගානා පොකුණ” චිත්‍රපටය අධ්‍යක්ෂණය හා තිර රචනය කළේ ඉන්දික ෆර්ඩිනැන්ඩු විසිනි. චිත්‍රපටයේ සංගීතය දිනේෂ් සුබසිංහ විසින් වන අතර කැමරාකරණය චන්න දේශප්‍රිය විසිනි.
ජයලත් මනෝරත්න, ලූෂන් බුලත්සිංහල, තිශාක්‍ය කුමාරතුංග, ආංජලී වික්‍රමසිංහ, අනුසුයා සුබසිංහ, ජගත් චමිල, අමා විජේසේකර, ජයනි සේනානායක, හයසින්ත් විජේරත්න, දයාදේව එදිරිසිංහ, ගීතා කාන්ති ජයකොඩි ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වී තිබේ.
එවගේම මෙම චිත්‍රපටයෙහි දක්ෂ ළමා නළු,නිළියන් 18 දෙනෙකු චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය දෙන ලදි.
"හෝ ගානා පොකුණ" ප්‍රථම වරට තිරගත වූයේ 2015 වර්ෂයෙදීය.
ඔක්තෝම්බර් පළවන දින සිට සීමිත දින ගණනක් සඳහා දිවයින පුරා සිනමාශාලාවලදී තිරගත වීමට නියමිතව ඇත.
මෙම කදිම අවස්තාව පුංචි පැටව් හැමෝටම මග හැරගන්න නොසුදුසු හොදම අවස්තාවක් වන බවයි බොහෝ දෙනා ප්‍රකාශ කළේ.