තවත් ප්‍රබල භූකම්පනයක් සුනාමි අනතුර ඇඟවීම ගැනත් නිවේදනයක්
පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූකම්පනය රික්ටර් මාපක 6.8 ක ප්‍රබලත්වයෙන් යුතු වූ බවයි.
එසේම මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 10 ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව ද ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් අනතුරුව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.