අයෙකුටමරු කැදවමින් 4ක් රෝහලට යැවූ සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර 20ක්

Report

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ සී කොටසේ නිවසක ඊයේ රාත්‍රියේ හටගත් හදිසි ගින්නකින් 84 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ගින්න නිවා දැමීම සඳහා කොළඹ සහ මොරටුව මහ නගර සභාවල ගිනි නිවීමේ රථ 6ක් යොදවා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ නිවසේ හිමිකරු වන අතර, ගින්නෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිඳ, පුත්‍රයා සහ 15 හැවිරිදි අසල්වැසි දරුවෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ගෑස් කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, ගින්නෙන් පසුව සිදුකළ සෝදිසි කිරීම්වලදී අදාළ නිවස තුළ තිබී ගෑස් සිලින්ඩර 20ක් සොයාගෙන තිබේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

සාමාන්‍ය නිවසක් තුළ මෙලෙස විශාල ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් ගබඩා කර තැබුවේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.