බද්දේගම, හල්පෙතොට ප්‍රදේශයේ නිවසකට වෙඩිතැබීමක්
බද්දේගම, හල්පෙතොට ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (27) උදෑසන මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබේ.
මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු වහාම ක්‍රියාත්මක වී රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට හේතුව හෝ වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විශේෂ විමර්ශන ආරම්භ කර ඇත.