ඔබේ ගෙදර තියෙන පරණ විද්‍යුත් අපද්‍රව්‍යවලට වෙන්න යන දේ මෙන්න - CEA සහ Dialog එකතුවී ගත් ලොකු තීරණය

Report

 මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ Dialog Axiata PLC එක්ව රටපුරා විද්‍යුත් අපද්‍රව්‍ය (E-Waste) කළමනාකරණය සඳහා වන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට (MoU) අගෝස්තු 3 වැනි සඳුදා අත්සන් තැබීමට නියමිත බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම අවබෝධතා ගිවිසුම මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී අත්සන් තැබීමට නියමිතය.

මෙම හවුල්කාරිත්වය හරහා ඉවතලන විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපකරණ ආරක්ෂිත හා පරිසර හිතකාමී ආකාරයෙන් බැහැර කිරීම සඳහා මහජනතාවට පහසුකම් සලසන දීප ව්‍යාප්ත විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාලයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

වගකීමෙන් යුතුව විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීම ප්‍රවර්ධනය කිරීම, අනිසි බැහැර කිරීමෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු බව නිලධාරීහු පවසති.

එමෙන්ම, රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් ජාතික පාරිසරික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ පාරිසරික සංරක්ෂණය සඳහා මහජන සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මෙම හවුල්කාරිත්වය වැදගත් පියවරක් වනු ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.