බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු හදිසියේම රෝහලට...හේතුව ඇහුවොත් ඔයත් පුදුම වෙයි..
By Piyumika
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.
එම දැරියන් අද(21) පෙරවරුවේ රෝහල් ගත කොට ඇති අතර ඊයේ (20) රාත්‍රී බත් සමග මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසු ඇති වූ කිසියම් ආසාත්මිකතාවයක් හේතුවෙන් එසේ රෝහල් ගත කොට තිබේ.
එසේ රෝගී වූ දැරියන් අවුරුදු පහළොවක් දාහතත් වයසේ පසුවන අතර තලාත් ඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරයි