ප්‍රථම සඳ ගමනට වසර 55ක්...

By Parami Dissanayake Jul 20, 2024 03:18 PM GMT
Report

අද (20) දිනයට මිනිසා පළමු වරට සඳ මත පා තැබූ ඓතිහාසික දිනය සනිටුහන් වී වසර 55 කි.

මිනිසෙකුගේ එක් කුඩා පියවරක්, මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනුවෙන් වූ යෝධ පිම්මක් යන ඉතිහාසගත ඒ වඳන් පෙළ ලෝ ප්‍රකට අභ්‍යවකාශගාමි නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් ප්‍රකාශ කළේ 1969 වසරේ ජුලි 20වනදාවකය.

නීති විරෝධී ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කළ නිලධාරීන්ගේ වැඩ තහනම් කෙරේ...

නීති විරෝධී ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කළ නිලධාරීන්ගේ වැඩ තහනම් කෙරේ...

මිනිසා පළමුවරට සඳ මත පා තැබූ එම මොහොත සජීවීව නැරඹීමට ලෝකවාසීන්ට එදා අවස්ථාව උදා වූ අතර, ලෝක ඉතිහාසයේ එදා මෙදා තුර අතිශයින් ජනප්‍රිය ගගනගාමීන් තිදෙනා වන නීල් ආම්ස්ට්‍රෝන්ග්, එඩ්වින් ඕල්ඩ්රින් සහ මයිකල් කොලින්ස් රැගත් ඇපලෝ 11 යානය සඳ ගමන ආරම්භ කලේ 1969 වසරේ ජුලි 16වනදා ය.

සැටන් වී රොකට් යානය ආධාරයෙන් මෙම සුවිශේෂී යානය අභ්‍යවකාශගත කරනු ලැබුවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ය.