කච්චතිව් බෝට්ටු අනතුරින් දෙදෙනෙකු අතුරුදන්...

By Parami Dissanayake Aug 27, 2024 06:19 PM GMT
Report

කච්චතිව් මුහුදු ප්‍රදේශයේ දී ඔවුන් පැමිණි යාත්‍රාව පෙරලී යාම හේතුවෙන් රාමේෂ්වරම් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

20යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන මෙන්න...

20යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන මෙන්න...

ධීවරයින් සිව් දෙනෙකු පැමිණි යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එහිදී ඉන් දෙදෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබෙනවා.

අතුරුදන් වූ ඉන්දීය ධීවරයින් සොයා නාවික හමුදාව විසින් මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර, ඔවුන් මුහුදු ගොස් ඇත්තේ ලියාපදිංචි නොකරන ලද යාත්‍රාවකින් වන බව සඳහන් ය.

වී ගොවීන්ගේ පොහොර සහනාධාරය ඉහළට...

වී ගොවීන්ගේ පොහොර සහනාධාරය ඉහළට...

මෙම සිදුවීම සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු සඳහා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමද සිදුකර ඇති බව වාර්තා වේ.