සකර්බර්ග් ඇතුළු ප්‍රධාන සාමාජ මාධ්‍ය 5ක් එක තැනකට ගෙන්වා අවවාද දුන් මොහොත - සම්පූර්ණ වීඩියෝව මෙන්න. (VIDEO)

By Wayomi Feb 03, 2024 11:30 AM GMT
Report

මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප් චැට් (Snap Chat), ඩිස්කෝඩ් (Discord) සහ පෙර ට්විටර් (Twitter) ලෙස හැඳින්වුණු වත්මන් එක්ස් (X) ඇතුළු ප්‍රධාන සාමාජ මාධ්‍ය ආයතන 5ක විධායක නිලධාරීන් ඊයේ (31) ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ අධිකරණ කමිටුව වෙත කැඳවා තිබුණා.

මෙහිදී අවධානය යොමු වූයේ මාර්ගගත ක්‍රමවේදයන්හි පවතින අනාරක්ෂිත භාවය හේතුවෙන් සමාජයට ඇතිවී තිබෙන අහිතකර බලපෑම් නැවැත්වීමට අදාළ ආයතන අපොහොසත් වීම පිළිබඳවයි.

ඒ අනුව සිය සමාජ වේදිකා තුළින් විවිධ පාර්ශ්වයන්ට සිදු වන හානිය නැති කිරීමට ස්වේච්ඡාවෙන් නොහැකිවීම නිසා , ඇමරිකානු රජය ගෙන එන නීති වලට එකඟවන බව අන්තර්ජාල සේවා සපයන ආයතනවල ප්‍රධානීන් මෙහිදී ප්‍රකාශ කළා.

                                                                                                                           Sponsored By Sarrita Jewellery

සකර්බර්ග් ඇතුළු ප්‍රධාන සාමාජ මාධ්‍ය 5ක් එක තැනකට ගෙන්වා අවවාද දුන් මොහොත - සම්පූර්ණ වීඩියෝව මෙන්න. (VIDEO) | Zuckerberg And 5 Major Social Media To The Senate