T20 ලෝක කුසලානයට සිම්බාබ්වේ සංචිතය - වසර 4 ට පස්සේ ග්‍රේම් ක්‍රීමර්ටත් ස්ථානයක්

Report

ඉදිරියේ දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 15ක සංචිතයක් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ඊයේ (2) දින නම් කර ඇත.

ඒ අනුව වසර 4කට පමණ පසු ඉකුත් ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට නැවත පැමිණි හිටපු නායක 39 හැවිරිදි ග්‍රේම් ක්‍රීමර්ටද මෙම සංචිතයේ ස්ථානයක් වෙන්කර තිබීම සුවිශේෂී වේ.

එමෙන්ම පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටි බ්ලෙසිං මුසරබානි ද නැවත කණ්ඩායමට එක්වී ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩිත ජනතාවට ඉන්දියාවෙන් අත දෙයි - අමතර T20 මැච් දෙකක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩිත ජනතාවට ඉන්දියාවෙන් අත දෙයි - අමතර T20 මැච් දෙකක්

මෙම සංචිතයට ටෙස්ට් සහ එක්දින නායක රිචඩ් ගරාවා, අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීණ කඩුලු රකින්නෙකු වන බ්‍රෙන්ඩන් ටේලර් ඇතුළු පිරිසක් ඇතුළත්.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම මූලික වටයේ 'B' කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, අයර්ලන්තය සහ ඕමානය සමඟින් තරග වැඳීමට නියමිතයි. පෙබරවාරි 9 වන දින ඕමානයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ඔවුන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරයි.

එසේම ඔවුන් ක්‍රීඩාකරන සියලුම කාණ්ඩ තරග ශ්‍රී ලංකාවේදී පැවැත් වීමට නියමිතයි. 

විස්සයි20 ලෝක කුසලානය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය මෙන්න

විස්සයි20 ලෝක කුසලානය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය මෙන්න

ජනවාරි මාසේ ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුවත් කිරීමක්

ජනවාරි මාසේ ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුවත් කිරීමක්