එක්දින ලෝක කුසලානයට සත්කාරකත්වය දැරීම විශාල ගෞරවයක් බව සිම්බාබ්වේ සභාපති කියයි

Report

2027 අයිසීසී පිරිමි එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීමට සත්කාරකත්වය දැරීම සිම්බාබ්වේ රටට “විශාල ගෞරවයක්” බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ (ZC) සභාපති ටවේන්ග්වා මුකුහ්ලානි පවසයි.

මෙය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන ක්‍රිකට් තරගාවලි සාර්ථකව පැවැත්වීම සඳහා සිම්බාබ්වේ සතු හැකියාව පිළිබඳ ලැබුණු විශ්වාසයේ සලකුණක් බවද ඔහු සඳහන් කළේය. 2027 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත මෙම එක්දින ලෝක කුසලානය සිම්බාබ්වේ, දකුණු අප්‍රිකාව සහ නැමීබියාව එක්ව සංවිධානය කරනු ලබයි.

කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් කොළඹ කණ්ඩායම දඹුල්ල සික්සර්ස් පරදා LPL අවසන් වටයේ බලාපොරොත්තු ඉහළ නංවයි

කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් කොළඹ කණ්ඩායම දඹුල්ල සික්සර්ස් පරදා LPL අවසන් වටයේ බලාපොරොත්තු ඉහළ නංවයි

මෙම තරගාවලිය සඳහා සත්කාරක නගර 12ක් තෝරාගෙන ඇති අතර, සිම්බාබ්වේ රට නියෝජනය කරමින් හරාරේ, බුලවායෝ සහ වික්ටෝරියා ෆෝල්ස් නගර තෝරාගෙන තිබේ.

සිම්බාබ්වේහි පැවැත්වෙන තරග හරාරේ ස්පෝර්ට්ස් ක්ලබ් ක්‍රීඩාංගණයේ, බුලවායෝහි ක්වීන්ස් ස්පෝර්ට්ස් ක්ලබ් ක්‍රීඩාංගණයේ සහ වික්ටෝරියා ෆෝල්ස්හි නවීන පහසුකම් සහිතව සංවර්ධනය වෙමින් පවතින මෝසි-ඕවා-ටුන්යා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකදී ටවේන්ග්වා මුකුහ්ලානි සඳහන් කළේ, “2027 අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීමේ අපගේ ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් මෙයයි.

හරාරේ, බුලවායෝ සහ වික්ටෝරියා ෆෝල්ස් සත්කාරක නගර ලෙස තහවුරු වීම සිම්බාබ්වේට විශාල ගෞරවයක් මෙන්ම ලෝක මට්ටමේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට අප සතු හැකියාව පිළිබඳ විශ්වාසයක්,” යනුවෙනි. “මෙම තරගාවලිය අපගේ ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව, සිම්බාබ්වේ ජනතාව, සංස්කෘතිය, ආගන්තුක සත්කාරය සහ අතිවිශිෂ්ට සංචාරක ස්ථාන ලොවට පෙන්වීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්.

දකුණු අප්‍රිකාව සහ නැමීබියාව සමඟ එක්ව අප්‍රිකානු මහද්වීපයේ ආත්මය නිරූපණය කරන අමතක නොවන ලෝක කුසලානයක් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ගිවමෝර් මකෝනි සඳහන් කළේ, මෙම තරගාවලිය දිගුකාලීන ප්‍රතිලාභ ලබාදෙන වැඩසටහනක් බවත්, යටිතල පහසුකම් සංවර්ධනය, සංචාරක කර්මාන්තය සහ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය සඳහා මෙය අවස්ථාවක් වන බවත්ය.

“සත්කාරක ක්‍රීඩාංගණ තුන තහවුරු වීම මෙම තරගාවලිය යථාර්ථයක් බවට පත් කිරීමට කැපවී කටයුතු කළ සියලු දෙනාටම උද්යෝගිමත් අවස්ථාවක්.

අයිසීසී සහ අනෙකුත් සත්කාරක රටවල් සමඟ සමීපව කටයුතු කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන තරගාවලියක් සංවිධානය කිරීමට අප සූදානම් වෙමින් සිටිනවා,” යනුවෙන් ඔහු පැවසීය.

කරට කර තියුණු සටනකින් අනතුරුව Jaffna Kings ජයගනී

කරට කර තියුණු සටනකින් අනතුරුව Jaffna Kings ජයගනී

2027 එක්දින ලෝක කුසලානය අප්‍රිකානු භූමියේ පැවැත්වෙන 14 වැනි ලෝක කුසලාන තරගාවලිය වන අතර, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ කෙන්යාව එක්ව 2003 වසරේ තරගාවලිය පැවැත්වීමෙන් පසු වසර 24කට පසුව එක්දින ලෝක කුසලානයක් නැවතත් අප්‍රිකාවට පැමිණීම විශේෂත්වයකි.

කණ්ඩායම් 14ක් සහභාගී වන මෙම තරගාවලියේ තරග 57ක් පැවැත්වීමට නියමිතය. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි වොන්ඩරර්ස්, කේප් ටවුන්හි නිව්ලෑන්ඩ්ස් සහ ඩර්බන්හි කිංග්ස්මීඩ් ඇතුළු ක්‍රීඩාංගණ අටකදී තරග පැවැත්වෙන අතර, නැමීබියාවේ අගනුවර වන වින්ඩ්හෝක්හි නැමීබියා ක්‍රිකට් ක්‍රීඩාංගණයේද තරග පැවැත්වීමට නියමිතය.

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...