ශ්‍රී ලංකාවෙන් වාර්තාගත ජයක්..රටටම සුභ ආරංචිය මෙන්න..
By Aruna
ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) දිනයේදී සමත් වී තිබෙනවා.
ඒ අනුව ඔහුට මෙම ඉසව්ව තත්පර 10.16කින් අවසන් කිරීමට හැකි වීම විශේෂත්වයක්.
යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙස බවයි වාර්තා වන්නේ.