ඉහළ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට තරුණයෙක් පනී..ගමන් කරමින් සිටි වාහනයක ගැටෙයි..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනයක ගැටුණු තරුණයකු බරපතල ලෙස තුවා ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා අධිවේගී මාර්ගයට තල්ලු කා ද යන්න පරීක්ෂණයක් ආරම්භ කළ බවයි, අතුරුගිරිය පොලිසිය පවසන්නේ.
අතුරුගිරිය වල්ගම සුව මාවත සිසිලස උද්‍යානයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයෙක්, මෙලෙස අනතුරට ලක්ව ඇත.
අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.