දිවයින පුරා පොලිස් විශේෂ මෙහෙයුමක් - පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Report

දිවයින පුරා සිදුවන අපරාධ මැඩලීම සහ ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (13) දිනය තුළ පමණක් පුද්ගලයින් 26,882 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එලෙස සිදුකළ පරීක්ෂාවන් හිදී විවිධ සැකකටයුතු හේතූන් මත පුද්ගලයින් 527 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ සඳහා සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් 26 දෙනෙකු ද ඒ අතර වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

එමෙන්ම අධිකරණ මඟහැර සිටි වරෙන්තුකරුවන් 126 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව ඇත.

මෙයට අමතරව මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ රථවාහන පරීක්ෂාවලදී බීමත්ව රිය පැදවූ රියදුරන් 50 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 101 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අය වෙනුවෙන් අයවැයෙන් රුපියල් මිලියන 1000ක දැවැන්ත මුදලක් වෙන් කරයි - හේතුව මෙන්න

මේ අය වෙනුවෙන් අයවැයෙන් රුපියල් මිලියන 1000ක දැවැන්ත මුදලක් වෙන් කරයි - හේතුව මෙන්න

තවද වෙනත් විවිධ රථවාහන වැරදි සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 4,316 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද පොලීසිය කටයුතු කර ඇති අතර, මහජන ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා මෙම විශේෂ මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.