Youth link” Sri Lanka’ තරුණ වැඩසටහනේ පළමු අදියර අද
Youth link” Sri Lanka’ තරුණ හුවමාරු වැඩසටහනේ පළමු අදියර අද (07 ) සිට නොවැම්බර් 12 වෙනිදා දක්වා යාපනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලියාපදිංචි යෞවන සමාජයන් ආශ්‍රිතව මෙම දේශීය තරුණ හුවමාරු වැඩසටහන “Connect – 2025 YOUTH Clubs” යටතේ ක්‍රියාත්මක වෙනු ලබයි.
එක් වැඩසටහන දින 6ක් ක්‍රියාත්මක වෙයි සෑම කණ්ඩායමකට ම තරුණ තරුණියන් 25 දෙනෙකු සහ නිලධාරීන් 2 දෙනෙකු ඇතුළත් වේ.
මේ සදහා සහභාගිවන්නන් වයස අවුරුදු 18ත් 29ත් අතර විය යුතුය .
ඒ වගේම කාන්තා නියෝජනය 10ක් සහ පිරිමි නියෝජනය 15ක් පවත්වා ගැනීම අපේක්ෂා කරයි.
මෙහිදී සත්කාරක දිස්ත්‍රික්කයේ යෞවන සමාජයෙන් 10 දෙනෙකු ද, ඉතිරි 15 දෙනා දිස්ත්‍රික්කය නියෝජනය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකින් ද තෝරා ගෙන ඇත