මුලතිව් සහ මඩකලපුවේ තරුණයින් අද ගම්පහ හොල්ලන්න එයි
Youth Link Sri Lanka දේශීය තරුණ හුවමාරු වැඩසටහනේ දෙවන අදියර අද (11) පස්වරු 3.00ට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නගරයෙන් ආරම්භ වීමට නියමිතය.
මෙවර වැඩසටහනේ සත්කාරක දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කරන අතර, සංක්‍රමණ දිස්ත්‍රික්ක ලෙස මුලතිව් දිස්ත්‍රික්කය සහ මඩකලපුව දිස්ත්‍රික්කය තෝරාගෙන ඇත.
එ අනුව මෙවර එම දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණ විවිධ හුවමාරු වැඩසටහන් කිරිමිත නියමිතවේ.
මෙම වැඩසටහනේ පළමු අදියරය මර්තු 5 වෙනිදා මඩකළපුව දිස්ත්‍රික්කය තුළ පැවැත්වුහ.එ යටතේ උතුරු නැගෙනහිර පළාත්වල වැඩසටහන් 20ක් සාර්ථකව ක්‍රියාත්ම කර තිබේ.
මෙම අවස්ථාවට මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාව සභාපති සහ අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් සහ තරුණ හුවමාරු වැඩසටහනට එක්වන තරුණ තරුණියන් රැසක් සහභාගි වීමට නියමිතය. ණිමට නියමිතයි.