තලපති විජේ බලේට ආවා විතරයි තමිල්නාඩුවෙන් ආයෝජකයින් වැහිවැහැලා - කෝටි 1000 ක් ලංකාවට

By Ashfa Jun 10, 2026 03:17 PM GMT
Report

ඉන්දියාවේ තමිල්නාඩුවේ නව රජය බලයට පත්වීමත් සමඟ, එහි ආයෝජකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වී සිටිති. දකුණු ඉන්දීය ආයෝජකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ රුපියල් කෝටි 1000 ක් පමණ ආයෝජනය කිරීම සඳහා මෙරටට පැමිණ තිබේ.

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ජී. ගනේසනාදන්ගේ මූලිකත්වයෙන් දකුණු ඉන්දියාවේ දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කණ්ඩායම කැමැත්ත පළ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ආයේ කුවේට් වලට ගෘහ සේවයට යන්න බෑ? - රටවල් 27ක සේවකයන් තහනම් - ලාංකිකයන්ට වෙන්න යන දේ මෙන්න

ආයේ කුවේට් වලට ගෘහ සේවයට යන්න බෑ? - රටවල් 27ක සේවකයන් තහනම් - ලාංකිකයන්ට වෙන්න යන දේ මෙන්න

දකුණු ඉන්දීය දූත පිරිස අමාත්‍ය වසන්ත සමරසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න සමඟ සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සමඟ ආයෝජන සහයෝගීතාව සඳහා මාර්ග ගවේෂණය කිරීම, වෙළඳ හා ආයෝජන පරිසරය පිළිබඳ අවබෝධය ගොඩනැගීම සහ අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති අංශ හඳුනා ගැනීම කෙරෙහි මෙම සාකච්ඡාවල අවධානය යොමු විය.

ද්‍රවිඩ පක්ෂ පරාජය කිරීමෙන් දශක ගණනාවකට පසු තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය ජෝසප් විජේගේ නායකත්වයෙන් යුත් නව රජය ආරම්භ වී මාසයකට පසු මෙම ආයෝජන අවස්ථා ලබා ගත හැකි වී තිබීම සැලකිය යුතු කරුණකි.

හදිසි තත්ත්වයක් - STF රැස්වෙයි - කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලැව්ගින්නක් වෙයි

හදිසි තත්ත්වයක් - STF රැස්වෙයි - කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලැව්ගින්නක් වෙයි