ජුනි 09 සිට 12 දක්වා රැස්වන පාර්ලිමේන්තුවේදී ගන්න යන තීරණ මෙන්න

Report

පාර්ලිමේන්තුව ජුනි 9 සිට 12 දක්වා දින හතරක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම දිනවල න්‍යාය පත්‍රය අනුමත කර තිබේ.

ඒ අනුව ජුනි 9 වන අඟහරුවාදා මුද්දර ගාස්තු, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු, නිෂ්පාදන බදු සහ එකතු කළ අගය මත බදු සම්බන්ධ නියෝග විවාදයට ගෙන අනුමත කිරීමට නියමිත අතර, පසුව මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතයක් විවාදයට ගැනීමට නියමිතය.

හොරණ “සෙනෙහසේ කැදැල්ල” ගිනිබත් වෙයි - මව්පියන් 11ක් අළු වෙයි, 3ක් අතුරුදන්

හොරණ “සෙනෙහසේ කැදැල්ල” ගිනිබත් වෙයි - මව්පියන් 11ක් අළු වෙයි, 3ක් අතුරුදන්

ජුනි 10 වන බදාදා විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිතය. එදින විපක්ෂය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ද විවාදයට ගැනේ.

ජුනි 11 වන බ්‍රහස්පතින්දා සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව සම්බන්ධ නියමය විවාදයට ගැනීමට නියමිත අතර, පසුව රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ විපක්ෂයේ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනේ.

මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකට චණ්ඩ සුළං සහ අකුණු අනතුරු

මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකට චණ්ඩ සුළං සහ අකුණු අනතුරු

ජුනි 12 වන සිකුරාදා ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ වන රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතය. ඉන් අනතුරුව 2025 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ විවාදය තවදුරටත් පැවැත්වෙනු ඇත.

මේ අතර, වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය සහ ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ජුනි 10 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට ද අනුමැතිය ලබාදී තිබේ.

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත