සමාජ මාධ්‍ය කැළඹූ නුවරඑළියේ පෝනි පහරදීමේ වීඩියෝවේ සැකකරු අත්අඩංගුවට

Report

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ සංචාරකයින් සඳහා භාවිත කරන පෝනියෙකුට අමානුෂික ලෙස පහර දුන් බවට චෝදනා එල්ල වූ 26 හැවිරිදි පුද්ගලයෙකු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයෙකු පෝනියෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වීමෙන් අනතුරුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ග්‍රෙගරි වැව අවට සංචාරකයින් රැගෙන යාම සඳහා පෝනියන් බහුලව භාවිත කරනු ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද (28) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

අද ඩොලරයේ අගය තවත් අඩු වෙයි- වාණිජ බැංකුවල අලුත්ම විනිමය අනුපාතික මෙන්න

අද ඩොලරයේ අගය තවත් අඩු වෙයි- වාණිජ බැංකුවල අලුත්ම විනිමය අනුපාතික මෙන්න