අද ඩොලරයේ අගය තවත් අඩු වෙයි- වාණිජ බැංකුවල අලුත්ම විනිමය අනුපාතික මෙන්න
අද දිනයේදී ශ්රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ.
ඒ අනුව, අඟහරුවාදා දිනයට සාපේක්ෂව බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතික පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332ට ආසන්න මට්ටමක පවතී.
සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.35ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 333.60ක් ලෙසත් නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 324.00 සිට රු. 323.50 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 333.00 සිට රු. 332.50 දක්වා අඩු වී තිබේ.
මහජන බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 324.45 සිට රු. 323.96 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332.50 සිට රු. 331.99 දක්වා අඩු වී ඇත.
කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 322.60 සිට රු. 322.35 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332.50 සිට රු. 332.25 දක්වා අඩු වී තිබේ.
සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.50 සිට රු. 324.00 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332.50 සිට රු. 332.00 දක්වා අඩු වී ඇත.