ටීචර් අම්මාගේ පහර දීමෙන් තරුණයෙක් රෝහලේ....
By Hashini
ජනප්‍රිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ කරමින් සිටිනවා. ඒ ඇය, ඇගේ සැමියා සහ කළමනාකරු විසින් තරුණයෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.
අදාළ තරුණයා පහරදීමෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර පහර කෑමෙන් තරුණයාගේ වෘෂණ කෝෂ වලට හානි සිදුව ඇති බවද සඳහන්ය.
ඇයගේ සැමියා සහ කළමනාකරුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අදාළ සැකකාර ගුරුවරිය ප්‍රදේශයෙන් පලා ගොස් සිටින අතර ඇය අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ විසින් පොලිසියට නියෝග කර ඇත.
පොලිසිය හෙළිකරගෙන ඇත්තේ මෙම පහරදීම සිදුව ඇත්තේ තරුණයාගේ සහෝදරිය විසින් යවන ලද වට්ස්ඇප් පණිවිඩයක් සම්බන්ධයෙන් ඇති වූ මත භේදයක් මත බවයි.
එම තරුණයා අදාළ ගුරුවරිය යටතේ සේවයකල අයෙකු යයිද හෙලි කරගෙන ඇත.